Colombo Today Local News

5 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් නැහැ… හෙට සිට ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි

විදුලිය කප්පාදු මේ මස 5 වැනිදායින් පසුව නොකරන බව නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රට මුහුණ පා සිටින විදුලි සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (02) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී නිලධාරීහූ ජනාධිපතිවරයාට එසේ දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශවල නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වලකින ලෙස එහිදී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

Related posts

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් පූර්ණ සහාය.

colombotoday

සජිත්ට දෙනවට වඩා හොඳයි මගේ හතර වසරේ පුතාට ඡන්දේ දෙන්න

Admin

ගණිකා වෘත්තියේ නියැලුනු වරදට ගහපු දඩය මෙන්න

Admin

ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට සිදුවන දේ

Admin