Colombo Today Local News

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

පොදු ප්‍රවාහනය සේවයේ යෙදන පෞද්ගලික බස් රථ සදහා අවශ්‍ය කරන ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.

Related posts

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday

දළඳා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ජයන්ති ඇත් රාජා මියයි

colombotoday

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

colombotoday