Colombo Today Local News

හොරට කැපූ ගොයම් බෑග් දෙකක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

අක්මිමන පින්නදුව වැවේ යායේ කඹුරකින් හොරට වි අස්වනු නෙලමින් සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත්බැව් අක්මිමන පොලිසිය පවසයි.

අඹුසැමි යුවළ මෙම කුඹුරට අනවසරයෙන් ඇතුල් වි හොරට වී අස්වනු නෙලමින් සිටි ඇත.

එම අවස්ථාවේ කුඹුරු හිමියා විසින් මේ පිළිබද අක්මිමන පොලිසියට පැමිණිලි කර ඇති අතර , හොරට කපාගෙන තිබු ගොයම් බෑග් දෙකක් සමග සැකකාර අඹු සැමි යුවළ අක්මිමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ඉදිරි දිනකදි අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

Admin

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

colombotoday

ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පතිනිය අල්ලස් දැලේ

colombotoday

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin