Colombo Today Local News

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ලබන එකොළොස් වැනිදා ආරම්භ වන මෙම සංචාරයේ පළමු තරගය කුසල් මෙන්ඩිස්ට අහිමි වනු ඇත.

මේ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් එම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරනු ලබන බවයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.

තරග සංචාරයට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි චාමික කරුණාරත්න සුවය ලබා අද දිනයේදී ඕස්ට්‍රේලියාව රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.

Related posts

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin