Colombo Today Local News

නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක්

ජාතික නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක් පිරිනමා තිබේ.

උසස්වීම් පිරිනමනු ලැබ ඇත්තේ, සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි.

ඒ අනුව යුද හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8,034 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල්වරුන් 36 දෙනෙකු කර්නල් නිලයට, මේජර්වරුන් 50 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතාන්වරුන් 207 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන්වරුන් 94 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන්වරුන් 70 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු වෙත එම උසස්වීම් පිරිනමා තිබේ.

Related posts

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

Admin

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday