Colombo Today Local News

බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවය.

එම නඩුවේ චෝදනා එල්ල වන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත් ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කළේය.

එමෙන්ම අධිකරණය මඟින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙස අධිකරණය භාරයේ තැන්පත් කර ඇති විත්තිකරුවන්ගේ ඇප මදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

Related posts

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

මගේ පාලනයක් තුළ වංචා දූෂණ කරන කොමිස් ගහන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙනවා – මහින්ද රාජපක්ෂ

colombotoday

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

colombotoday