Colombo Today Local News

සිසුවියක් කැලෑ ප්‍රදේශයකට ගෙන ගිය විවාහකයාව ගස්බඳී

දෙමව්පියන් නොමැති අවස්ථාවක නිවසේ තනිව සිටි 17 හැවිරිදි දැරියකව නිවස පිටුපස කැලෑබද ප්‍රදේශයකට ගෙන්වාගෙන සිටි පුද්ගලයෙක්ව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ගස්බැද පොලීසියට භාරදී තිබුණි.

තිස්සමහාරාම එකමුතුගම ප්‍රදේශයේ නිවසකින් එම සිද්ධිය වාර්තා වෙයි.

සිද්ධිය දැක ඇති එම ගම්මානයේ කාන්තාවන් දෙදෙනෙකු උදව් ඉල්ලා සිදුකළ කෑගැසීමත් සමග එම පුද්ගලයාව අල්ලා ගැනීමට පිරිසට හැකිවී තිබුණි.

25 හැවිරිදි සැකකරු විවාහකයෙකු වන අතර තිස්සමහාරාම විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

17 හැවිරිදි දැරියගේ මව සඳහන් කළේ,

“මමයි මහත්තයයි රැකියාවට ගිය අවස්ථාවේ තමයි මේක වෙලා තියෙන්නේ. පසුගිය දවස්වල අපේ ගෙදරට ගල් ප්‍රහාරත් ගැහුවා. ඒත් අපි පොලීසි ගියේ නෑ. මේ සිද්ධියෙදි පොලීසිය ඇහුවා මොකක්ද කරන්න අවශ්‍ය කියලා. පස්සේ පැය ගාණක් සටහන් දාලා යන්න කිව්වා. අර පුද්ගලයාට පොලීසිය ගෙදර වගේ. පොලීසියේ ෆයිල් එහෙමෙහෙ කරන්නත් දීලා තිබුණා. දරුවාට අතවරයක් කරල ද කියලා බලන්න අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලුවා. ඒත් පොලීසියෙන් අපිට කිව්වා ඕනේ නම් පුද්ගලිකව ඒක කරගන්න කියලා.”

Related posts

කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?

colombotoday

යකෙක් එලවන්න ගිහින් කතක් මියයයි.. දරුණුවට පහර දී දුම් අල්ලලා.. මුස්ලිම් පූජකයන් තිදෙනාට අත්හිටවූ සිර දඩුවම්

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

Admin

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

“රෝ” ඔත්තුකරුවා ගැන CIDය විමල් වීරවංසගෙන් ප්‍රශ්නකිරීමට යයි

colombotoday