Colombo Today Local News

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

මාතර බන්ධනාගාරයේ රැඳවියෙකුට ලබා දිම සදහා දුම්කොල 10 ක්. ජංගම දුරකතන ආරෝපනයක්, ජංගම දුරකතනයක් හා ඩේටා කේබලයක් (USB Cable), සහිත පාර්සලයක් බන්ධනාගාර තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකිරිමට යාමේදි පිටස්තර පුද්ලයෙකු ඊයේ (25)දින අත්අඩංගුවට ගෙන තිබේ.

එදින පෙරවරු 12.00 ට පමණ බන්ධනාගාරයේ අංක 02 මුර අට්ටාලය පිටුපස ඇති මාර්ගයේ සිට ඉතා උපක්‍රමශීලී ලෙස සකස් කරන ලද පාර්සලයක් බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකිරිමට තැත් කල අවස්ථාවේ එම අංක 02 මුරඅට්ටාලයේ රාජකාරි කල නිලධාරියාට නිීක්ෂණය විමෙන් පසු එම පුද්ගලයා පාර්සලය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

පසුව මාතර බන්ධනාගාර නිලධාරීන් විසින් එම පාර්සලය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම අත්අඩංගුවට ගනු ලැබු තහනම් ද්‍රව්‍ය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත භාර දිමට කටයුතුකර ඇති අතර එම සිදුවිම සම්බන්ධයෙන් මුලික විමර්ශණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබෙයි

colombotoday

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday