Colombo Today Local News

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරීමේ නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉන් තිදෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි ⁣දෙදෙනා පිරිමි පුද්ගලයින් වේ.

දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මොවුන් ඊයේ(19)දින ඩුබායි බලා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ගමන්මළු තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඒ මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725, සවුදි රියාල් 292,000 හා ඩිරාම් 75000 විය.

මෙම මුදල්වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි.

Related posts

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග ගැන අගමැති වහාම ලේඛනයක් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර

colombotoday