Colombo Today Local News

කළු ගඟ⁣ගේ ගිලී දෙදෙනෙකු මරුට : දරුවෙකු අතුරුදන්

රත්නපුර ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේදී, කළු ගඟේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, 10 හැවිරිදි දරුවෙකු අතුරුදන්ව ඇති බව ය.

මියගොස් ඇත්තේ වයස 22 හා 40 හැවිරිදි අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් ඊයේ (15) පස්වරුවේ කළු ගඟේ දිය නාමින් සිටින අවස්ථාවේ ජල පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එක් අයෙකු දිවි බේරාගෙන තිබේ.

අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර කොස්ලන්ද, මකල්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Related posts

වාරණයට ලක්කළ රවීගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙන්න

colombotoday

කොටි මහවිරු දිනය මහ ඉහළන් සැමරීමට සූදානම්.. පොලීසිය සීරුවෙන් !

colombotoday

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙයි

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

colombotoday

ලංකාවේ සුළු ජාතීන් ගැන බොරු කියූ රීටා ඉසාක් ආයෙත් එයි.. වාර්තාවකුත් හදයි

colombotoday