Colombo Today Local News

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

දුම්රිය සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සහ තර්ජනය කිරීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක අවස්ථාවේ දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉදිරිපත් වූ නිලධාරීන්ට බැන තර්ජනය කරමින්, රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

ඊට අදාළ විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන්, අභ්‍යන්තර විමර්ශනයක් ද, ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ප්‍රවාහන ධාවන ප්‍රධානියාට තර්ජනය කිරීම සම්බන්ධයෙන්, විධිමත් පරීක්ෂණයක් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, අද සමාන්‍ය කාලසටහන්වලට යටත් ව කිසිදු බාධාවකින් තොරව, දුම්රිය ධාවනයට එක් කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි.

Related posts

රැට්ටා , ළහිරු ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ්

colombotoday

(VIDEO) දකුණට පමණක් ඇති උතුරට වලංගු නැති සංහිදියාව ගැන මුලතිව් සම්බෝධි විහාරාධිපති හිමි කියයි

colombotoday

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday