දීර්ඝ කාලයක් තිස්සේ මහනුවර නගරයේ සංචාරක හෝටලයක් ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලා එහි කළමණාකාරු සමග අවුරුදු 28, 27 යන වයසේ තරුණියන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි.
මහල් තුනකින් යුත් සුපිරි නිවසක පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා මධ්‍යස්ථානය සම්භාහන ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
කිසිඳු නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති මෙම සුපිරි ගණිකා නිවාසේ කතුන් ඉතා ඊහළ මිල ගණන්වලට ගැනුම්කරුවන්ට අළෙවි කෙරෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතිබව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.