Colombo Today Local News

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඇන්ෆිල්ඩ් ප්‍රදේශයේ දී බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

අද (08) පෙරවරු 9ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට ලක්වු බස් රථය හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි.

සිය ගමන් වාරය ආරම්භ කිරීම සඳහා රියදුරු විසින් බස් රථය පනගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරළීගොස් ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී බස් රථය තුළ කිසිඳු මගියෙකු සිට නොමැති අතර බස් රථයට දැඩි හානී සිදුව ඇත.

Related posts

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

colombotoday

colombotoday

ජාතික විගණන පනත ව්‍යවස්ථාවට පටහැණියි… කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

රසායනික පොහොර ආනයනයට පියවර

colombotoday

නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියි

colombotoday