Colombo Today Local News

මහ කන්නය විනාශයි. ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ. – රෝහිණී කවිරත්න

නිසි වෙලාවට කෘෂි රසායනය ආනයනය සිදු නොකිරීමෙන් මහ කන්නය සම්පූර්ණයෙන්ම විනාශ කළ කෘෂිකර්ම අමාත්‍යාංශය, බෙහෙත් ආනයන ලිපි ගොනු මේසය මත තියාගෙන ජනවාරි – මාර්තු කන්නය විනාශ වෙනකල් බකන්නිලාගෙන ඉන්නවා යැයි මාතලේ දිස්ත්‍රික්කා පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි. මහ කන්නය විනාශ කරපු

ආණ්ඩුව ගන්න කිසිම තීරණයක් ක්‍රියාත්මක කරන ගන්න බැරි ගන්න බැරි පට්ටපල් බොරු කාරයෝ ටිකක්, කෘෂිකර්ම අමාත්‍යාංශයට අරක් ගෙන ඉන්නවා. ජනාධිපති කෘෂි රසායන ගෙන්න අවසර දුන්නා. ඇමති පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ඉවත් කරලා වැඩේ කාබාසිනියා කළා. මුදල් ඇමති කෘෂි රසායන ගැසට් එක රිවස් කරලා පළිබෝධ නාශක ගෙන්න අවසර දුන්නා. හිටපු ලේකම් ෆයිල් ටික මේසේ උඩ තියාගෙන කෘෂි රසායන ආනයනයෙන් කොමිස් ගහන්න උත්සහ කළා.

ඇමති පාර්ලිමේන්තුවට කෘෂි රසායනය ගෙන්වනවා කියලා පොරෙන්දු වෙලා සති 5 යි. අද වෙනකල් එකම කෘෂි රසායන තොගයක් රටට ගෙන්න අනුමැතිය දුන්නේ නෑ. ආණ්ඩුවේ මේ කාලකන්නි වැඩ නිසා ගොවියා අන්ත අසරණ වෙලා තියෙනවා. දැන් පොහොරත් නෑ. බෙහෙතුත් නෑ. වගා කරන්න විදයම් කරපු සල්ලිත් නෑ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ නිසා කෘෂි රසායන ගැසට් රිවස් කරපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් පඹයෙක් ගේ තත්වයට වැටිලා. මොළ හතක් තියෙනවා කිව්ව මුදල් ඇමතිගේ පඹයට අන්දලා, කනින් රිංගලා කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්ලා මාරු කරනවා.

චීන අශුචි නැවට කරගහන්න, නැනෝ පොහොර ගෙන්වන්න කාෂිකර්ම අමාත්‍යාංශයට තිබ්බ උනන්දුව වල් නාශක ටික ගෙන්නලා ගොයම් වගාව බේරාගන්න නෑ යැයි මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මේ බව පැවසූවේ, රත්තොට අද පැවති උත්සවයක් අමතමිනි.

රටේ සාගතය ඇවිල්ලා ඉවරයි. ලෝකයේ ආහාර සඳහා වැඩිම මුදලක් වැය කරන රටක් බවට ලංකාව පත් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හොර තක්කඩි රැල යි. හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ තිබ්බාට මේ තක්කඩි රැලට ගානක් නෑ. පල්ලියක් කෝවිලක් ගානේ පළි ගැහුවාට මේ තක්කඩි රැලකට ගානක් නෑ.

කුඹුරු ටික වල් වලින් වැහිලා, කුඹුරු පිදුරු වෙනවා. මේ තක්කඩි රැලට ගානක් නෑ.

බඩ ඉරිඟු වගාව 80%කින් විනාශ වෙලා. මේ තක්කඩි රැලට තවම ඇහැරිලා නෑ.

එළවළු පළතුරු ටික කෘමි නාශක නැතුව ගස් යට කුණු වෙලා විනාශ වෙනවා. මේ තක්කඩි කොමිස් ගහන්න බලාගෙන ඉන්නවා.

දිලීර නාශක නැතුව ලොකු ළුණු, මිරිස්, අර්තාපල්, එළවළු විනාශ වෙනවා මේ තක්කඩි අශුචි නැවේ ප්‍රමිතිය වෙනස් කරලා පගා ගන්න බලාගෙන ඉන්නවා කියලා අශුචි නැවේ අයිති සමාගම කියනවා.

බහුජාතික සමාගම්වලට පොහොර තියෙනවා. හැබැයි රටේ දුප්පත් ගොවියාට පොහොර නෑ.

බහුජාතික සමාගම්වලට කෘෂි රසායන ගෙන්වන්න දීලා තියෙනවා. හැබැයි ගමේ කඩේ බෙහෙත් ටික නෑ. ගොවියාට කෘෂි රසායන නැතිව වගා කරන්න බෑ.

මේක ධනපතියන්ට ලාබ ලබන්න දුප්පත්තු නැති කරන ආණ්ඩුවක්. තීන්දු ගත්තාට තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක් යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

Related posts

අලුත් ව්‍යවස්ථාව හදන්නේ පාදඩ NGO නඩයක්.. දුටු තැන පන්නා දැමිය යුතුයි – ඥාණසාර හිමි (Video)

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට. දිනක් තුල වාර්තා වූ ඉහලම අගය රෝගීන් 63 ක් වාර්තා වෙයි.

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

මහරගමත් හර්තාල්..’වැට් අඩු කරනු’ ව්‍යාපාරිකයෝ වෙළදසැල් වසා මහමග විරෝධයේ !

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin