Colombo Today Local News

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබේ.

පොලිස් මුලස්ථානය සදහන් කළේ අතුරුදන් වූ තරුණියන් සොයා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුම්වල දී මෙම තරුණියගේ සිරුර හමුවූ බවය.

ඇයගේ සිරුර මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ පදිංචි තරුණියක් බව පොලිසිය පවසයි.

අතුරුදන් වූ අවුරුදු 14 සහ 29 වයස්වල පසුවන හැඳල සහ යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනා සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

ඊයේ පස්වරුවේ තරුණයන් තිදෙනෙකු සහ තරුණියන් 05 දෙනෙකු කුමාරි ඇල්ලේ දිය නාමින් සිටියදී ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ ජල පහර එක්වරම වැඩිවී තිබේ.

එම අවස්ථාවේදී තරුණියන් තිදෙනෙක් සැඩ පහරට හසුවී මෙලෙස ගසාගෙන ගොස් තිබේ.

Related posts

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

colombotoday

රූපවාහිනියට සභාපතිලා දෙදෙනෙක් ! – මංගලගේ අලුත් පත්කිරීමට ජනපති හරහට හිටී…

colombotoday

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

ගුවන් විදුලියේ නව සභාපති මොහොමඩ් ෆාරුක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන ටොන් 278ක් තවදුරටත් ඇති බව හෙළිවෙයි

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday