Colombo Today Local News

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

කිලිනොච්චිය, ධර්මපුරම්, කුමාරස්වාමිපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල පිටුපස ඉඩමක තිබී දිරාගිය ටී 56 ගිනි අවි, ආර්.පි.ජී අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් අද(28)දින සොයාගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසයි.

පොලිසිය සදහන් කරන්නේ, යුද හමුදා බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත, කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අදාළ ඉඩමේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් කැනීම් කළ බවයි.

කැනීම් තුළින් දිරාපත්ව ගිය ආර්.පි.ජි අවි තුනක්, ටී 81 අවි තුනක්,ටී 56 අවි හයක්, ආර්.පි.ජී උණ්ඩ හයක්,එල්.එම්.ජි පතුරම් ඩ්‍රම්ප් 09 ක්,පුපුරණ ද්‍රව්‍ය පිරවීමට යොදාගත් බට පහක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.

යුද සමයේ එල් ටී ටී ඊ සංවිධානය විසින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස හමුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරයි.

සොයාගත් ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය නැවත භාවිතයට ගත නොහැකි තරමට දිරාගොස් ඇති බවද පොලිසිය ප්‍රකාශ පවසයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය නිශ්ක්‍රීය කිරීමට නියමිතයි.

Related posts

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

colombotoday