Colombo Today Local News

එංගලන්තයේ හිද ආ පස්දරු මව කපා යතුරු පැදියක දමාගෙන ගිහින් කිඹුලන්ට කන්න දැමු බව අනාවරණය වෙයි

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

එලෙස ඝාතනය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති මවකි.

මියගිය මව එංගලන්තයේ ලන්ඩන් හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණයවී තිබේ.

උදයනගර්,අම්බලකුලහි එම කාන්තාව තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇති අතර නිවසේ සිටියදී ඊයේ රාත්‍රියේ සිට ඇය අතුරුදහන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුණි.

එම මව පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවසෙහි බිම තිබී පොලිසියට හමුවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචිව සිට ඇති සැකකරු කාන්තාව මරා සිරුර යතුරු පැදියක දමාගෙන නිවසේ සිට කිලෝමීටර 18 දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම් හි ඇළමාර්ගයකට දමා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

Related posts

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin

“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගල

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday