Colombo Today Local News

කොළඹ වරායට ආ අලුත් ගෑස් තොගයේ “එතිල් මකැප්ටාන්” නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වෙයි

ලිට්‍රො සමාගමට ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වී තිබේ.

ඒ අනුව එම ගෑස් ගොඩබෑම පිළිබඳ තීරණය අද (14)දින රැස්වන තාක්ෂණික කමිටුවේදී ගැනීමට නියමිත බව වාර්තා විය.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති එම නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ බාන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (14) දිනයේදී තීරණයක් ගැනීම ට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය මීට පෙර පැවසීය.

මෙම ගෑස් නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණි අතර එහි ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාව අදාළ අංශ විසින් සිදුකර තිබේ.

කෙසේ වෙතත් එහි “ප්‍රොපේන් සහ බියුටේන්” සංයුතිය ප්‍රමිතියෙන් යුක්ත බවට අනාවරණය වී ඇතත් ගෑස්වල ගඳ සුවඳ හඳුනාගැනීමට යොදන මර්කැප්ටාන් සංයුතිය අදාළ මට්ටමට පවතින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් තොරතුරු අනාරණය වී නොමැති බව වාර්තා විය.

මෙම නැවෙහි පවතින ගෑස්වල සංයුතිය සුළු හෝ ප්‍රමාණයක වෙනසක් පවතින්නේනම් කිසිසේත් අවසර ලබානොදෙන බවද එම අධිකාරිය සඳහන් කළේය.

Related posts

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

හාමුදුරුවරුන්ගේ කහ කුඩ, හමුදා ඇදුම්, ඇමෝනියා ඇතුළු සැක බඩු තොගයක් පන්නල ඇලබඩගම මුස්ලිම් ගම්මානයෙන් අල්ලයි…

colombotoday