Colombo Today Local News

“උඹව උස්සලා පොළොවේ ගහනවා දැනගනින් ප…යා” – බොරලැස්ගමුව ට්‍රැෆික් ඕඅයිසී ගේ බවට සඳහන් හඬ පටයක්.

ලෝක මානව හිමිකම් දිනය දෙසැම්බර් 10 (ඊයේ) දිනට යෙදී තිබුණි. නුගේගොඩ කට්ටිය හංදියේදී සිවිල් ඇදුමින් සැරසී සිටි බොරලැස්ගමුව Traffic OIC විසින් ත්‍රීරෝද රථයක් පැදවූ තරුණයෙකු නවතා ඔහුගේ රියදුරු බලපත්‍රය ගෙන බොරලැස්ගමුව පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

එම තරුණයා බොරලැස්ගමුව පොලීසිය ගොස් ඇති අවස්ථාවේ බොරලැස්ගමුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තමා මිරිහාන ප්‍රදේශයේ සිට පැමිණෙන අවස්ථාවේදී කට්ටිය හංදියේදී පාරේ ගලියක පියන පහත්වී ඇති බවත් එතනදී අදාල තිරෝද රථය තමන් දෙසට කැපූ බවත් “මම උඹව උස්සලා පොළොවේ ගහනවා දැනගනින් ප…යා” ලෙස බැණ තර්ජනය කර ඇති අතර ඒ සදහා ලබන අගහරුවාදා දිනය යොදා උසාවියට පැමිණීමට දැන්වීමක් කරන ලෙස කොස්තාපල්වරයෙකුට කියා ඇත.

ඒ අනුව අදාල කොස්තාපල්වරයා එම තරුණයාට 2022/01/04 දින අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා දැක්වීමක් ලබා දී ඇත.

රංජිත් විතානගේ

Related posts

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

පානිය ජල බෝතල් සඳහා බලපාන අලුත්ම නීති මෙන්න.

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

අයවැය ප්‍රකාශය : ග්‍රාමීය පාසල් පහසුකම් දියුණු කිරීමට මිලියන 200 ක්. ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා

Admin