Colombo Today Local News

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

කොළඹ වරාය නගරයේ (පෝර්ට් සිටි) අනාගතයේදී ක්‍රිප්ටො මුදල් ඒකක (ඩිජිටල් මුදල්) භාවිත කිරීමට අවසර ලබාදෙන බව වාරාය නගර විශේෂ ආර්ථික කලාපයේ පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ප්‍රකාශ කරයි.

අනාගතයේදී වරාය නගර පරිශ්‍රයේ සිදු කෙරෙන විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනුවෙන් ක්‍රිප්ටොකරන්සි හෙවත් ඩිජිටල් මුදල් ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි සභාපතිවරයා පෙන්වා දෙයි.

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ රජය සතු ඩොලර් සංචිත පහත වැටීමත් සමග බිට්කොයින් (Bitcoin) වැනි ක්‍රිප්ටෝ මුදල් ඒකක භාවිතය ව්‍යාපාරික හා නාගරික ප්‍රජාව අතර යම් තරමකට ඉහළ ගොස් ඇත. වරාය නගරය තුළ අනාගතයේදී එක්සත් ජනපද ඩොලර් ඇතුළුව බහුවිධ විදේශ මුදල් ඒකක භාවිතය සඳහා අවසර ලබා දීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දක්වා ක්‍රිප්ටො මුදල් ඒකක රට තුළ භාවිත කිරීම වෙනුවෙන් අවසර ලබා දී නැත. මහ බැංකුව මෑතකදී නැවත වතාවක් අවධාරණය කරන ලද්දේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියා සඳහා අධික ලෙස භාවිත කෙරෙන බැවින් ක්‍රිප්ටො මුදලේ ඒකක භාවිතය අවදානම් සහගත බවත්, ඒවා ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් බවත්ය. කෙසේ වෙතත් ක්‍රිප්ටො මුදල් ඒකක ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා සුදුසු නිර්දේශ යෝජනා කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත.

Related posts

රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක්- විපක්ෂ නායක සජිත් කියයි

colombotoday

ජාතික අභිලාෂය ඉටු කිරීමේ වගකීම අධිෂ්ඨානයෙන් යුතුව මා භාරගන්නවා. – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

colombotoday

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

colombotoday

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday