Colombo Today Local News

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

මාතර, වැලිගම ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නකින් 07 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසේ කාමරයක් තුළ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් වහළ පිළිස්සී ගොස් නිවස තුළට කඩා වැටීමෙන් කාමරයේ නිදා සිටි එම දැරිය ගිනන්ට හසුව පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

රාත්‍රී 10.40 ට පමණ ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ මව, පියා ,දියණියන් දෙදෙනකු හා මිත්තණිය ද නිවසේ සිට ඇති වාර්තාවේ.

පිරිස නින්දට ගොස් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර අසල්වාසීන් එක්ව නිවැසියන් පිටතට ගැනීමට කටයුතු කළ ද 7 හැවිරිදි දැරිය පිටතට ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය මාතර ගිනිනිවීම් රථ කැඳවා ගින්න මැඩ පවත්වා කටයුතු කළ බව පොලීසිය පවසයි.

මේ අතර මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්නඩරයට , ගෑස් උඳුනට හෝ අනෙකුත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ත් ඒ අනුව ගෑස් ආශ්‍රිත කරුණක් මත මෙම ගින්න ඇති වී නොමැති බවට දැනට කරන ලද විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.

Related posts

අනුර කුමාර ස්වීඩනයට

Admin

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

ජනපති ස්වාධීන වෙයි, ශ්‍රීලනිප මහ පුටුව මහාචාර්ය රෝ.ල. පියදාසට !

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

“සිංහලයන් පදිංචිකිරීම තහනම්” උතුරු සභාවේ යෝජනාවක් සම්මත කරයි

colombotoday

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday