Colombo Today Local News

සැකකරුවන් පිරිසකට පොලිසියේදීම තග දමා අධිකරණයෙන් කට්ටි පැන්න රාජිතගේ පුතුට ඇප!

රාගම ත්‍රිරෝද රථ ගාලකදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ නඩුවක සැකකරුවකු ලෙස නම්කර සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (14) නියෝග කළේය.

ඔහුට මෙසේ ඇප නියම කරණු ලැබුවේ නඩුවාර දෙකකට නොපැමිණ සිටීම නිසාය.

ඇප කොන්දේසි ඉටුකර පැමිණෙන තෙක් චතුර මන්ත්‍රීවරයාට අධිකරණ සිර මැදිරියේ සිටීමට සිදුවූ බවද මේ අතර වාර්තා වේ.

රාගම ගුවන් පාලම අසල ඇති රාගම ත්‍රිරෝද රථ ගාලේදී දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තරුණයින් පිරිසකට පොලිස් සිර මැදිරිය අසලට පැමිණ මරණීය තර්ජන කළේයැයි කියන සිද්ධියක් පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේය.

එම රථ ගාලේ අයිතිය පිළිබඳව මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ ආධාර කරුවන් අතර මෙම ගැටුම පසුගිය වසරේ සැප්තැම්බර් 14 වැනිදා ඇතිවී තිබිණි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 2ක් රාගම ශික්ෂණ රෝහලෙන් පතිකාර ලබාගෙන තිබිණි.

Related posts

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

උතුරේ ගොඩ-මඩ ඉඩම් වගා කරන ගොවීන්ට ගිනි අවි

colombotoday

රන් මිල අදත් ඉහළට

Admin

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මව සහ පුතු දැලේ

colombotoday

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday