Colombo Today Local News

පනාමුර පොලීසියේ දී මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරයි.

පනාමුර පොලීසියේ සිර මැදිරියේ දී ගෙලවැළලාගෙන මියගිය ඉන්දික ජයරත්න නැමැත්තාගේ මරණයට හේතුව රජයේ රසපරීක්‍ෂකවරයාගේ නිගමනයෙන් පසු ලබාදෙන බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් නිල්මිණී රන්කොත්ගේ මහත්මිය එම මරණය සම්බන්‍ධයෙන් විවෘත තීන්දුවක් දෙමින් ප‍්‍රකාශ කළාය.

ඇඹිලිපිටිය, පනාමුර, වැලිපතයායේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවු කරලහින්ගේ ඉන්දික ජයරත්න යන අය පනාමුර පොලිසියේ සිර මැදිරියේ ගෙලවැළලාගෙන මියගොස් තිබුණි.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ ගමගේ මහතා විසින් මෙම මරණය සම්බන්‍ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ එම රෝහලේ දී පවත්වනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණයට හේතුව නිගමනය කිරීමට සහ වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කළ බව අධිකරණයට දැන්වීය.

මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය ඇඹිලිපිටිය දිසා මහ රෝහලේදී නොපවත්වා වෙනත් රෝහලක දී පවත්වන ලෙස මෙම මරණය සම්බන්ධ විරෝධතාවේ යෙදී සිටි ගම්වාසීහු ඉල්ලා සිටියහ.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු සිටිය දී සිරුර වෙනත් රෝහලකට යැවීමේ අවශ්‍යතාවක් නැති බව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය තීන්දුකර තිබුණාය.

ඒ අනුව අතිරේක මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගය අනුව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ ගමගේ මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලදී.

Related posts

තොග මිල සිල්ලර මිලට වඩා ඉහළයෑමෙන් සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීම නතර කරති

colombotoday

චීනයෙන් සල්ලි අරන් ඡන්දය කිරීම මහා පාවාදීමක්.. මහින්ද යනු දෙවන දොන් ජුවන් ධර්මපාලයි – පුරවැසි බලය

colombotoday

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

Admin

මාලිමාණ්ඩුවේ පළවෙනි බිල්ල මමයි, රුහුණු උපකුලපති කියයි

Admin

නිවස වටලතැයි අලි සබ්‍රි බියකින් – ඉල්ලා අස්වී දවසින් පැන යාමට හේතුව කියයි.

colombotoday

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday