Colombo Today Local Newsfeatured

කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයට

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වාසුදේව නානයක්කාර,විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇත.

මෙම කොටස් පැවරීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව පෙත්සම් පහක් ගොනු කර ඇති අතර, එම පෙත්සම් ලබන 26 වැනිදාසලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම පෙත්සම් පහ පස් දෙනකු හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම පෙත්සම් සලකා බැලීමේදී වගඋත්තරකාර කැබිනට් මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින අතර, කැබිනට් මණ්ඩල සාමාජිකයන් වන මෙම ඇමතිවරුන් තිදෙනා වෙනම නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වීමට තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන්ගෙ විශේෂ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල නිවසේදී පෙරේදා (17) රාත්‍රී පැවැති අතර, මෙම පෙත්සම් සලකා බැලීමේදී වෙනමම නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වීමට එහිදී තීරණය කර ඇත.

මෙම ගිවිසුමට අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ ආකාරය ප්‍රශ්නකාරී බව අධිකරණය හමුවේ කියා සිටීමට ද එහිදී තීරණය කර ඇත.

මේ බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් පසුගියදා ප්‍රසිද්ධ මහජන රැස්වීමක් දපැවැත්වූ අතර,ඊට අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලය තුළ ප්‍රමාණවත් ලෙස සාකච්ඡා නොවුණු බව ද ඔවුහු එහිදී සඳහන් කළහ.

ලංකාදීප

Related posts

මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති හමුවක් විකාශය කරන්න “චැනල් ෆෝ” සූදානමක්

Admin

යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයි

Admin

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

“දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීම මගේ සිහිනයක්” – සජිත් පේමදාස

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ඇරඹේ

colombotoday