Colombo Today Local News

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳව ද අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය.

මිල ඉහළ පහල යාමට තිරසාර විසඳුමක් ගෙන ඒමට කිසිදු රජයකට හැකියාවක් නොලැබුණු බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

ඒ සඳහා කරුණු කිහිපයක් ඉවහල් වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

පරිභෝජන රටාව වෙනස් වීම, නිෂ්පාදන ඵලදායිතාව ප්‍රමාණවත්ව වැඩි නොවීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ ගැටලු, නිවැරදි තොරතුරු සන්නිවේදනය නොවීම, නූතන තාක්ෂනයට අනුගත වීම,අතරමැදියන්ගේ ගැටළු ඒ සඳහා ප්‍රබල බලපෑමක් එල්ලකර තිබේ.

බලශක්ති අර්බුද වැනි අභ්‍යන්තරිකව පාලනය කළ නොහැකි කරුණු හේතුවෙන්ද භාණ්ඩ මිල ඉහළගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් මිල පාලනයට ප්‍රමාණවත් නොවේ.

මැදි හෝ දිගුකාලීන විසඳුම් ලබාදිය යුතු බව තම විශ්වාසය බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර සමාජ ක්‍රියාකාරීන් ලෙස වෙස්ගත් බලවේග රටට වින කරමින් ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා ඔවුන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Related posts

අද කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday

ඊ.පී.එෆ්. රැකගන්න සමෘද්ධි නිලධාරීන් පාරට බහී…

Admin

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් වෙත නිවේදනයක්

colombotoday

කළුතර බන්ධනාගාරයට හෙරොයින් විසි කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin