World

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

ලබන පෙබරවාරි මාසය වන විට යුරෝපය තුළ තවත් කොවිඩ් මරණ ලක්ෂ 05ක් පමණ සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

වසංගතය ආරම්භ වු දින සිට ජර්මනියෙන් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (04) වාර්තා වු අතර යුරෝපයේ රටවල් රැසක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ නව අනතුරු ඇඟවීම නිකුත් කිරීමේ දි කලාපය තුළ කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණය වීමේ වේගය පිළිබඳ දැඩි සැලකිල්ලක් යොමුකළ බවය.

විශ්වාසදායක එක් ක්‍රමවේදයක් මත පමණක් රැඳී සිටිමින් වෛරසය මර්දනය කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

colombotoday

තලේබාන් සංවිධානයෙන් ලෝක බලවතාට ප්‍රබල අනතුරු ඇඟවීමක්

colombotoday

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday

ට්‍රම්ප් ඉතිහාසය වෙනස් කරයි.. ධවල මන්දිරයේ රාමසාන් ‘ඉෆ්තාර්‘ උත්සවය අත්හිටුවයි..!

colombotoday

කැනඩා අගමැතිගේ බිරිඳටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

colombotoday