Colombo Today Local News

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

සියලුම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ බව පවසයි.

ඒ අනුව, බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන්වලදී සහ බෝධි පූජා සඳහාත් උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධ විය හැකිය.

කතෝලික, ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ට ද විශේෂ ආගමික වැඩසටහන්වලදී උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව පවතී.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව සහ පවතින මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට අදාළ ආගමික ස්ථාන භාරකරුවන්ට වගකීම් පැවරෙයි.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උත්සව සංවිධානය කරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පොලීසිය දැනුවත් කිරීමට සිදුවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

විවාහ උත්සවයක් හැර වෙනත් සාද පැවැත්වීම සඳහා අවසර ලබාදී නොමැති බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තවමත් කොවිඩ් රෝගයේ අවසන්වීමක් දක්නට නොමැති බව සියලු ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු බවද ඔහු පැවසීය.

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday

කරාපිටියේ වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය අපයෝජනය කරලා

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday

හිටපු ජනාධිපති නිල නිවසේ ස්වාධීන මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday