Colombo Today Local News

දවසක් ඇතුලත ආරම්භ කරපු යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් සමාගම පොහොර ගෙන්නුවේ කොහොමද…? විජිත හේරත් අසයි

ඉහළින් ආ ඉල්ලීමකට අනුව ටවුන්හෝල්හි බැංකු ශාඛාවකින් නිකුත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 1.275 ක් පෞද්ගලික ගිණුමක තැන්පත් කර පසුගිය 18 වැනිදා ආරම්භ කළ යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් නමැති සමාගම හරහා ඉන්දියාවෙන් නයිට‍්‍රජන් පොහොර ගෙන්වා ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා ඊයේ (22)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙහි සාමාජිකයන් වන්නේ ජී. එම්. පෙරේරා සහ ජී. එම්. වීරසිංහ යන පුද්ගලයන් දෙදෙනා බවත් මෙලෙස දිනක් ඇතුළත ආරම්භ කළ සමාගමක් හරහා ශී‍්‍ර ලංකාවට පොහොර ගෙන්වීමට කටයුතු කිරීම ගැන පැහැදිලි කරන ලෙස තමා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය. එසේම මෙම රුපියල් කෝටි 29 ක මුදලින් පොහොර ගෙන්වීම සඳහා වියදම් කර ඇත්තේ රුපියල් නවකෝටි විසිලක්‍ෂයක් පමණක් බවත් ඉතිරි මුදල් ශී‍්‍ර ලංකා රුපියල්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම ද ගැටලූ සහගත බවත් විජිත හේරත් මහතා පැවසීය.

Related posts

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

“බඩුත් එක්ක හොරු අහුවෙලා…” රහීම් රජයට කළ කෝටි 20ක පාඩුවක් ගැන හෙළිදරව්වක්

Admin

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday