Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයේ දෙදෙනෙක් අන්ෂුවර්.. ආණ්ඩුවට පනී.. 50ක් නම් ෂුවර්ම ෂුවර්

ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස්‌ දෙදෙනා (52) අතරින් පනහක්‌ (50) ගලේකෙටුවා මෙන් යහපාලන ආණ්‌ඩුවට නොගොස්‌ සිටින බවත් ඔවුන්ගෙන් දෙදෙනකු- පුද්ගලික හේතු මත යහපාලනයට එකතු වන බවට තමා තුළ සැකයක්‌ තිබෙන බවත් කළුතර දිස්‌ත්‍රික්‌ (එජනිස) පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ‘දිවයින’ට පැවැසීය.

මෙම මන්ත්‍රීවරුන් 50 දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පිළිබඳව විශ්වාසය ඇතිව විපක්‌ෂයේ කාර්ය කරන බවද පසුගිය මහ මැතිවරණයේදී කළුතරින් සහ මාතරින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා විපක්‌ෂයේ සිටීම ආඩම්බරයක්‌ බවද ඒ මහතා කීය. ලබන අගෝස්‌තු මාසය වනවිට මහින්ද රාජපක්‌ෂ මහතාගේ අපල කාලය නිමාවන බවට ජ්‍යෙdතිෂවේදීන් අනාවැකි කියා ඇති බැවින් නැවතත් ශ්‍රීලනිපය ප්‍රමුඛ රජයක්‌ බිහිවෙනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කරයි. ජාත්‍යන්තරයට යට නොවෙන හොඳ නායකත්වයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ රටට අවශ්‍ය බවද කුමාර වෙල්ගම මහතා වැඩිදුටත් පැවසීය.

Related posts

තල්මසකු අල්ලා විකිණීමට ගිය ධීවරයින් දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

සජිත් නැවතත් විපක්ෂනායක ධූරයට

Admin

මහර සිද්ධියේ අතුරු වාර්තාව මැතිසබයට

colombotoday

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin

උසස්වීමක් සමග හොරෙකුට පොලිසිය බාර දීලා.. කරනවා කී රැඩිකල් වෙනස ඒකයි

colombotoday