Colombo Today Local News

අද කාලගුණය

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Related posts

ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday

හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය.

colombotoday