Business

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයි

ගැස් සහ තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට ලද තොරතුරක් මත හැටන් ඇතුළු කදුකරයේ ප්‍රධාන නගර කිහිපයකම ගැස් අලෙවි නියෝජිතයන් සිය වෙලදසැල් වසා දමා තිබෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

ගැස් අලෙවිකරුවන් පවසන්නේ තමන් සතුව තිබු සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණය නගරයේ ආපන ශාලා වෙත අලෙවි කල බවත්, පාරිභෝගිකයන්ට නිකුත් කිරිමට තරම් ගැස් තොග තමන් සතුව නොමැති බවයි.

පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ (11) දින ගැස් මිල වැඩි වන නිසා ගැස් අලෙවි නියෝජිතයන් ගැස් අලෙවි එජන්සිය තුල ගැස් තොග සගවාගෙන තමන් වෙත ගැස් නොමැති බව පවසන බවයි.

මේ අතර තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට තිරිගු පිටි සමාගම් විසින් ප්‍රකාශ කිරිමත් සමග කදුකරයේ ප්‍රධාන නගර වල තිරිගු පිටි එජන්තවරුන් බේකරි වලට පමණක් තිරිගු පිටි තොග නිකුත් කර සිල්ලර වෙලදාම සදහා තිරිගු පිටි නිකුත් නොකරන බව ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.

හැටන් ඇතුළු කදුකරයේ කිසිදු ප්‍රධාන නගරවල වෙලදසැල් වල කිරිපිටි පැකට් අලෙවි කිරිමට තමන් සතුව තොග නොමැති බව එම වෙලදුන්ද කියා සිටියි.
පවත්නා තත්ත්වය මත ගැස් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ කිරි පැකට් මිල දි ගැනිමට පැමිණි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්වි ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

colombotoday

කොටස් ‌වෙළෙඳපොළ අතරමග නවතී.

colombotoday

අත්‍යවශ්‍ය අහාරද්‍රව්‍යයවල මිල තවදුරටත් ඉහලට අමු මිරිස් Rs.1,250, හාල් Rs.100.00, පොල් Rs.60

colombotoday

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

“රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා”- මහ බැංකුව

colombotoday

මාස 3ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

colombotoday