Colombo Today Local News

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

anura ranilඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර ප්‍රබල ගැටුමක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

පසුගිය සෙනසුරාදා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය්දී පැවති පක්‍ෂනායක රැස්වීමේදී මේ මත ගැටුම දැඩි උණුසුම්කාරී ලෙස සිදුව තිබේ.

පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීමේ යෝජනාව සහ ඊට අදාළ විවාදය පිළිබඳ මේ මත ගැටුම සිදුවී ඇත. ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ සිට හදිසියේ පක්‍ෂ නායක රැස්වීමට පැමිණි අග්‍රාමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ දෙදෙනා අතර මත ගැටුම ආරම්භ වී ඇත.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුර දිසානායක මහතාට ප්‍රකාශ කර ඇත්තේ අනෙක් පක්‍ෂ ඔක්කොම එකතුවෙලා තියෙද්දී එක් පක්‍ෂයකට විතරක් මෙහෙම තුවක්කුවක් එල්ල කරන්න දෙන්න බැහැ’ යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් දිසානායක මහතා කියා ඇත්තේ ‘මුදල් ඇමැති අය-වැය ඉදිරිපත් කළොත් ඊට පසුවැනිදා අය-වැය විවාදය ආරම්භ වෙනවා.එහෙත් මෙතැනදී අපේ මතය ඉදිරිපත් කරන්න 26 වැනිදා වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ඒක හරිම අසාධාරණයි. අපේ මතය මෙහෙම යටපත් කරන්න හදන එකට අපි විරුද්ධයි යනුවෙනි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

Related posts

20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි. අපට වූ පොරොන්දු ඉටු කර නෑ.. – ශ‍්‍රීනිපය කියයි

colombotoday

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

colombotoday

ලංකාවේ අවුරුදු 18ට වැඩි “හතරෙන් එකක්” දුම් බොන්නන්

colombotoday

සමන්කුලමේ විහාර බිමක බලහත්කාරයෙන් කෝවිලක් හදයි.. පරික්ෂාවට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදී එළවයි…

colombotoday

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

[Video] මෛත්‍රීගේ ‘පුලතිසි ප්‍රශස්තිය’ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මහින්ද නමින් ගැයෙයි

colombotoday