ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව වන “Ever Ace” හෙට (05) දිනයේ දී කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
Evergreen සමාගමට අයත් මෙම Ever Ace නෞකාව TEU 24,000 කාණ්ඩයේ ලොව පළමු වැනි බහාලුම් ප්‍රවාහන නෞකාව වේ. එනම් අඩි 20 දිගින් යුතු බහාලුම් 24,000 ක් එකවර ප්‍රවාහනය කළ හැකි නෞකා කාණ්ඩයයි. මෙම නෞකාවේ එවැනි බහාලුම් 23,992 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකිය.
මීටර 400 ක දිගින් හා මීටර 61.5 ක පළලකින් යුතු Ever Ace නෞකාව කොරියාවේ Samsung Heavy Industries විසින් තනන ලද්දකි.