ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ශ්‍රීලනිපයට වතු කම්කරු ඡන්ද පදනම සකසා ැනීම සදහා නුදුරේදීම ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇමති ධුරයක් ලබාදී ආණ්ඩුවට සම්බන්ධ කරගනු ඇතැයි අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.
තොණ්ඩමන් මහතාට අමතරව ඊපීඞීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා ද පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමට උත්සාහයක් පවතින බව ආරංචි මාර්ග පවසන අතර ඇමැති ධුරයක් ලබා දුන්න ද එය භාර නොගන්නේ යැයි ඩග්ලස් දේවානන්ද මහතා පැවසූ බව තිනක්කුරල් පුවත්පත වාර්තා කොට තිබුණි.