Colombo Today Local News

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින්ට බලපාන වෙනත් දිලීර රෝග මෙරටින් වාර්තා වී ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසයි.

එලෙස හමුව ඇති සංඛ්‍යාව කළු දිලීර ආසාදිතයින්ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව ඇය සඳහන් කරයි.

එම දීලිරවලින් කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති වී තිබෙන බව ද ඇය සඳහන් කළා ය.

මේ අතර මෙරට කොවිඩ් රෝගීන් අතරින් කළු දිලීර ආසාදනයවීම් වාර්තාවීම ආරම්භ වී ඇත්තේ, ඉකුත් ජූනි මස සිටයි.

ඒ අනුව මේ දක්වා මෙරට කොවිඩ් රෝගීන් අතරින් කළු දිලීර ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ, රත්නත්පුර රෝහලෙන් රෝගීන් 3 ක්, ත්‍රිකුණාමලය රෝහලෙන් රෝගීන් 3 ක්, කොළඹ ජාතික රෝහලෙන් රෝගින් 4ක් සහ කරාපිටිය සහ කළුබෝවිල රෝහල්වලින් එක් රෝගියෙකු බැගිනි.

කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවට අලුත් රෝගී තත්ත්වයක් නොවන බව ත් රටේ ඕනෑම තැනකින් දීලිර ආසාදිත රෝගීන් වාර්තා විය හැකි බවත් සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

Related posts

අපි කෑලි කෑලි කැපුවත් සිංහලේ – මදුමාධව අරවින්ද

colombotoday

ලබන සඳුදා සිට පාසල් කටයුතු යථාතත්ත්වයට.. දරුවන් එන්නත්කරණය ගැනත් අලුත් තීරණයක්

colombotoday

පොල් ගෙඩිය 150 ඉක්මවාවි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනතුරු අඟවයි

colombotoday

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday