Colombo Today Local News

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සගවා ගෙන තිබෙන වී ගබඩා දිගින් දිගටම වැටලීමත් සමග ඇතැම් වී ගබඩාකරුවන් එම වී ස්වකැමැත්තෙන් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට පියවර ගනිමින් සිටිති.

මේ දක්වා අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය විසින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වී ගබඩා හැටක් සිය භාරයට ගෙන මුද්‍රා තබා ඇත. එම ගබඩාවල ඇති වී කිලෝ ලක්ෂ විස්සක් අතුරින් මේ වන විට වී කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට ලබා දීමටද පියවර ගෙන තිබේ.

අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ මෙම වැටලීම් අනුරාධපුර දිස්ත‍්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ජේ්‍යෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී. පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් පවති.

Related posts

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

colombotoday

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

colombotoday

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday

ඇවන්ගාඩ් සිද්ධියෙන් මැතිවරණ කාලයේ වාසිගන්න හැදුවා, ඒ ගැන කටපියාගෙන සිටීම ගැන කණගාටුයි

colombotoday

හල්ලොලුව කර ඇත්තේ බොරුවක්.. සභාපතිකමෙන් ඉවත් කළේ ගිය මාසයේ… ලිපිය මෙන්න !

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin