Colombo Today Local News

රාජසන්තක කළ කහ කිලෝ 13,000ක් කුළුබඩු මණ්ඩලයට

රාජසන්තක කළ කහ කිලෝ 13,000 ක් ශ්‍රී ලංකා කුළුබඩු මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව කුළුබඩු මණ්ඩලයට ලබා දී තිබේ.

රේගුවට නියමිත මිල ගණන් ගෙවීමෙන් අනතුරුව එම කහ තොගය කුළුබඩු මණ්ඩලය ලබා ගත් බව, එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් ගුණරත්න මහතා සඳහන් කරයි.

කහ තොගය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාගාරවලට යොමු කර එහි ගුණාත්මකභාවය පරීක්ෂා කළ බව ද ඔහු පවසයි.

මහේෂ් ගුණරත්න මහතා සඳහන් කළේ, මෙසේ ලබා ගන්නා කහ තොගය වෙළෙඳපොළට මුදා හැරීමට පියවර ගන්නා බවය.

Related posts

“ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතුයි” – ජනපතිගෙන් පණිවුඩයක්

colombotoday

ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිට ලාංකිකයෝ විරෝධතාවයක්

colombotoday

මහා පාවාදීමකට රාජ්‍ය අනුග්‍රහය.. බුද්ධි අංශ බිද දැමීමේ තුන්මාසේ කුමන්ත්‍රණය එළියට !

colombotoday

රථවාහන හැසිරවීමේ රාජකාරියට යුද හමුදාව කැදවයි !

colombotoday

පොලිස්පති ධුරය දේශබන්දු තෙන්නකෝන්ට

Admin

තඹුත්තේගම A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක්! – යෝධ හයේ පහරවලට මග විවෘත වේ

Admin