Colombo Today Local News

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට ගිය අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් නාවික හමුදා බාරයට

තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් සිය බාරයට ගත් බව නාවික හමුදාව කියයි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළට පැමිණෙමින් තිබූ සැකකට යුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී එම සැකකටයුතු යාත්‍රාව තුළ තිබී පාර්සල් 10ක අසුරා තිබු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 79කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

Related posts

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

Admin

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday

සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට !

colombotoday

බුත්තල පාසලක ආහාර විෂ වීමක් – දරුවන් 22ක් රෝහලේ

colombotoday