Colombo Today Local News

අසත්‍ය ප්‍රචාර කොවිඩ් පාලන වැඩපිළිවෙලට බාධාවක් – ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සෞඛ්‍ය ඇමතිය කියයි

සාර්ථක එන්නත්කරණයක් හා කොවිඩ් පාලනය ට පියවර ගනිමින් තිබියදී සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේද පවතින බවය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග සෞඛ්‍ය අමාත්‍යංයේ පැවති සාකච්ඡාවකදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා එම අදහස් පළකර තිබේ.

කොවිඩ් පාලන ක්‍රියාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11ක පමණ ආධාර මුදලක් මේ වන විට මෙරටට පරිත්‍යාග කර ඇති බව ඩේවිඩ් හොලී මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් මහතාද ඊයේ (13) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වෛද්‍ය සහ සෞඛ්‍ය සේවාවේ දැනුම හා තාක්ෂණය හුවමාරු කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

කිලිනොච්චියේ ගිනිදැල් ඇවිලේ – ප්‍රදේශයම නොසන්සුන් – පොලිසියටත් ප්‍රහාර

colombotoday

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

colombotoday