Colombo Today Local News

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඒකරත්න නීතිඥවරුන් වෘත්තිය ප්‍රවර්ධනයක

නීතිඥ වෘත්තිය ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත වෘත්තින්ගෙන් එකක් ලෙස ජනතාව අතර මතයක් තිබේ. නමුත් එම වෘත්තියේ යෙදෙන්නන් වෘත්තිය ආචාරධර්ම අනුගමනය කරනවාදැයි පසුගිය කාලයේ ජනතාව හමුවේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කිරීමට සමහර නීතිඥ වෘත්තිකයන්ගේ ක්‍රියාකාරකම් සමත් වී තිබේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නීතිඥවරු තම වෘත්තිය ප්‍රවර්ධනය කිරීමක නියැලෙන්නේ නැත. රූපවාහිනී, රේඩියෝ, පුවත්පත්, අන්තර්ජාලයේ නීතිඥවරුන්ගේ දැන්වීම් හෝ ප්‍රවර්ධනාත්මක වීඩියෝ, පොස්ට්, පෝස්ටර් අප දැක නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති මගින් නීතිඥ වෘත්තිය ප්‍රවර්ධනය කිරීම තහනම් කර ඇති බැවිනි.

එවන් තත්වයක් තුල Ekaratne Associates නමින් හැඳින්වෙන නීතිඥ සේවාවන් ලබා දෙන සමාගමක් තම වෘත්තිය ප්‍රවර්ධනය කරන ආකාරයේ වීඩියෝවක් නිර්මාණය කර Hultsdorf නැමති Facebook පිටුවක් ඔස්සේ අන්තර්ජාලයට එක් කර ඇත.

අදාල වීඩියෝවේ ප්‍රධාන රඟපෑම නීතිඥ තිවංක ඒකරත්න මහතා විසින් සිදුකරනු ලබයි. සේවාදායකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා මිල අදික දේවල් වීඩියෝවේ පෙන්වීමට ඔවුන් උත්සහ ගෙන ඇත. Shangri-La හෝටලයේ කාර්යාලය, Montblanc පෑන, ඇපල් කම්පියුටරය, Range Rover වාහනය වීඩියෝව සඳහා යොදාගෙන ඇති අතර ෂූටින් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ද යොදාගෙන ඇත.

දශක ගණනාවක් පැරණි නීතිඥ සමාගම් රාශියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර ඒ කිසිදු සමාගමක් ශ්‍රේෂ්ඨාධිකරණ රීතියට ගරු කරමින් මෙවැනි වෘත්තිය ප්‍රවර්ධනය කරන ආකාරයේ දැන්වීම් නිෂ්පාධනය කර පළකර නැත. කොරෝනා වසංගතය හේතුවෙන් සිදුව ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මේ සඳහා ඒකරත්න නීතිඥ සමාගමට අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ අවසරයක් ලබා දුන්නා දැයි නොදනිමු.

අදාළ වීඩියෝව >>>>> https://www.facebook.com/watch/?v=388834982837413

ශ්‍රේෂ්ඨාධිකරණ රීතිය

නීතිඥ තිවංක ඒකරත්න මහතා

Related posts

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරලා

Admin

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

වහාබි, සලෆි, ඉහ්වාන් ත්‍රස්තයන්ට විරුද්ධව බොදු බල සේනා සුෆි මුස්ලිම් ප්‍රජාව සමග එක් වෙයි

colombotoday

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

වෙළෙඳ අමාත්‍යංශයෙ ප්‍රාඩෝ එක අතිරේක ලේකම්වරයකු උස්සලා. | පොලීසියට පැමිණිලි

colombotoday

ප්‍රදීප් ගුණවර්ධන කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday