Colombo Today Local News

නීති විරෝධීව ආ ඔක්සිමීටර් 4200ක් කටුනායකදී අල්ලයි

නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් ඔක්සිමීටර් 4200 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව්‍යාජ ලියවිල්ලක් ශ්‍රී ලන්කන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන තිබුණ.

රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිටවීමේ දොරටුවේදී මෙම භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේදී ඒ සම්බන්ධයෙන් රේගු සටහන්කරයක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත් අනාවරණය වීමෙන් ඔක්සිමීටර් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්සිමීටර් තොගය පෙට්ටි 21 ක අසුරා තිබූ බවත් රේගුව පවසයි.

Related posts

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

හදිසි නීතිය වැඩ අරඹයි.. සමාජ ජාලා ඉලක්ක වේ.. ක්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

colombotoday

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

Admin

(Video) ඉතිහාසයේ ලොකුම හොරකම ඉදිරියේ හීන් කෙදිරියක් පමණක් නගා නිහඩව සිටය හැකිද?

colombotoday