ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් වසර 20 කට පසු සම්පුර්ණයෙන්ම අද (31) එරටින් ඉවත්ව ගියේය.
එක්සත් ජනපද හමුදා කාබුල් ගුවන් තොටුපලේදී සී -17 ගුවන් යානයකට ගොඩ වීමට පෙර ඇෆ්ගනිස්තාන භූමියෙන් පිටව ගිය අවසාන සොල්දාදුවා වූයේ 82 වන ගුවන් හමුදා සේනාංකයේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ඩොනාහු ය.
දශක දෙකක් පුරාවට ඇමරිකානු භටයින් 775,000 කට වැඩි පිරිසක් සේවය කළ ඇමරිකානු ඉතිහාසයේ දිගම යුද්ධය නිමා කරමින් ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගිය අවසාන සොල්දාදුවා ලෙස ඩොනාහු පිළිගන්නා ඡායාරූපයක් පෙන්ටගනය ට්වීට් කළේය.