Colombo Today Local News

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි අවදානම සලකා ලේ පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ පැවැසුවේ පවතින සංචරණ සීමා සමග ලේ රැස් කිරීම සඳහා ජංගම සායන පැවැත්වීම පුද්ගල කණ්ඩායම් රැස් කිරීම අවදානම් බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ලේ රැස් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවයි.

පිළිකා රෝගීන්, තැලසීමියා, ලියුකේමියා රෝගීන්, හදිසි අනතුරුවලින් බරපතළ තුවාල ලබන රෝගීන්, හදිසි ශල්‍ය කර්ම සඳහා යොමු කෙරෙන රෝගීන්, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවුවරුන් සඳහා නොඅඩුව ලේ සැපයීමට ලේ රැස් කර ගතයුතු බව අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

ගැබිනි මව්වරුන් දහසක් පමණ මාසිකව දරු ප්‍රසූතියේදී ලේ වහනය වන බැවින් ලේ අවශ්‍යතාව පූර්ව සූදානම් කර තබා ගතයුතු බවද පැවැසූ ඔහු ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ලේ හිඟය ගෙවුණු සති අන්තයේදී පරිත්‍යාගශීලීන් එක්ව හිඟය පියවා තිබෙන බව පැවැසීය.

දිවයින පුරා ලේ ඒකරාශී කිරීමේ මධ්‍යස්ථාන 87ක් පවත්වාගෙන යන බව කී වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ ක්‍ෂණික දුරකථන ඇමතුම අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගෙන ලේ පරිත්‍යාග කිරීමට එක්වන ලෙසත් පවතින කොවිඩ් අවදානම සලකා සෞඛ්‍යාරක්‍ෂිතව ලේ පරිත්‍යග කිරීමට අවස්ථාව සකසා තිබෙන බවත් සඳහන් කළේය.

Related posts

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin

නාම යෝජනා දෙන්න බැරි උනේ මහේෂ් සේනානායකගේ කුමන්ත්‍රණයක් නිසා – නාගානන්ද හේතු කියයි

colombotoday

කොටි සැමරීම දෙමළ ජනතාවගේ මූලික අයිතියක්.. ඊට වාරණ දාන්න එපා. – TNA ජනපතිට ලියයි

colombotoday

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය තහනම්කලේ තාවකාලිකවයි.. අවසර ඉල්ලුවොත් දෙනවා – පරිසර අධිකාරිය කියයි

colombotoday