Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අනිද්දා (27) සිකුරාදා ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැණවින.

දැනට තීරණය කර ඇති පරිදි නිරෝධායන ඇදිරිනීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදායිනි.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (27) සිකුරාදා පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

කොවිඩ් පැතිරීම පාලනය කිරිම සඳහා රට සති දෙකක කාලයක් වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයෝ පිරිසක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළහ.

මෙයට අමතරව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 දහයක නායකයෝද රට සතියක කාලයකට වසා තබන්නැයි ඉල්ලා සිටියහ.

Related posts

බදුර්දීන්ගේ බිරිද 2008 සිට මිනිස් ජාවාරම කරලා. ට්‍රෝලර් ඇතුලේ මියගිය ගණන දන්නෙත් ඇයයි – විශේෂ හෙළිදරව්ව

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගේ හෙළිදරව්ව මෙන්න

Admin

ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

colombotoday

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday