Colombo Today Local News

නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයි

පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයේදී වරාය ඇමති සොයුරු නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් බව පැවසෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාධ්‍ය අංශ ප්‍රධානියාගේ කාර්යාලයට වරාය අමාත්‍ය අර්ජුණ රණතුංගගේ නියෝගයෙන් සීල් තබා මාධ්‍ය ප්‍රධානියාට එරෙහිව ආයතනික විමර්ශනයක් අරඹා ඇති බව වරාය වෘත්තීය සමිති පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙකු වන නලින් අපොන්සු මහතාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස දිගුකලක් කටයුතු කර ඇති මොහු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු වන අතරම, ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වේ.

ජනසතු සේවා ක්‍රිකට් සංගමය පසුගියදා රැස්වී ක්‍රිකට් නිළවරණයේදී සභාපතිධූරය සඳහා තරගවැද සිටින තිලංග සුමතිපාල මහතාට පක්ෂව සිය ඡන්ද දෙක පාවිච්චි කිරීමට තීන්දුවකට එළඹ තිබිණ.

ආදී නාලන්දියකු වන තිලංග සුමතිපාල මහතාට පක්ෂව ඡන්දය දීමට ජනසතු සේවා ක්‍රිකට් සංගමය ගත් තීන්දු වෙනස් කර, නිශාන්ත රණතුංග මහතාට එම ඡන්ද දෙක ලබාදෙන්නැයි රණතුංග පාර්ශ්වයෙන් අපොන්සු මහතාට දැඩි බලපෑමක් එල්ලවී තිබු බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද, පසුගිය 03 වැනිදා පැවති ක්‍රිකට් ආයතනයේ නිළවරණයේ සභාපතිධූරය සඳහා පැවති ඡන්දයේදී අපොන්සු මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

Related posts

“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

colombotoday

“මේ ආණ්ඩුව නිසා සාධාරණය ඉටුවුණා.. මරණ දඩුවම ගැන දුකයි“ – හිරුණිකා උසාවියේ හඩාවැටෙයි

colombotoday

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

මුස්ලිම් ජාතිකයෙක් වතුර ටැංකියක් මත භූමිදානය ඉල්ලා ජෝගි නටයි.

colombotoday

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

colombotoday

මහින්දට එරෙහි විශ්වාසභංගය හැන්සාඩ් එකේ නැහැ…

colombotoday