Colombo Today Local News

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ටී.එන්.එල් රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් කියා සිටියේ තමන් එදින උදේ සිටම සිටියේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමග සාකච්ඡාවක බවයි.

නමුත් ඇමති රාජිත සේනාරත්න මහතා මධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම සිදුවීම සිදුවන දිනයේ තමන් රටේ සිටියේවත් නැති බවයි.

අදාල සිද්ධිය වන දිනයේ තමන් සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග උත්සවයකට සහභාගී වෙමින් බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මීට පෙර කියා තිබිණි.

Related posts

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

මින් ඉදිරියට ශිෂ්‍යත්වය අනිවාර්ය විභාගයක් නොවේ. චක්‍රලේඛය නිකුත් වෙයි.

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවකට සූදානම්.. පොහොට්ටුව ගැන සාකච්ඡාවක් !

colombotoday

දිනේෂ්ගේ කොළඹ නිවසටත් ප්‍රහාරයක්

colombotoday

මහර ගැටුම : රැඳවියන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්.. අධිකරණයේදී හෙළි වෙයි.

colombotoday