Colombo Today Local News

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත්කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අනතුරුව ඔවුන් සිව්දෙනාව අගෝස්තු 23 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති තරුණියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ව පසුගිය දා අත්අඩංගුවට ගැණුනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු ය.

ඒ අනුව එම සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

එමෙන්ම පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මෙම විමර්ශනවලට අදාළ කරුණු අධිකරණයට වාර්තාකිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත්වූයේ කෙසේදයි සොයාබලා වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළාය.

Related posts

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

Admin

වූහාන් වීර චාරිකාවේ ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වල දොර වසයි !

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday