ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරීන් කීපදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා නිවේදනය කරයි.
අත්‍යවශ්‍ය සේවා ලාභීන්ට පමණක් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා දෙන බවත් එම සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකෙරෙන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.