වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට 2021 ජුලි මස 28, 29 හා 30 යන දිනයන්හිදී වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පාර්සල් තුළ තිබී හෙරොයින් බවට සැකකළ හැකි කුඩා පැකට් 02 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි කුඩා පැකට් 03 ක් ද ජංගම දුරකථන බැටරි 05 ක් ද හමූවී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.