කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් එවැනි සේවාවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (16)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.